
The Tower of Babel (Genesis 11: 1-9)
සිංහල (Sinhala)
- මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක‍්‍රමයක්ද විය.
- තවද ඔව්හු නැගෙනහිර දිසාවට ගමන් කරන අතර ෂිනාර් නම් දේශයෙහි සම භූමියක් සම්බවී එහි වාසය කළෝය.
- ඔව්හු එකිනෙකාට කථාකොට; වරෙල්ලා, අපි ගඩොල් සාදා හොඳට පුළුස්සමුයයි කීවෝය. ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට කීල්ද ඔවුන්ට තිබුණේය.
- ඔව්හු: වරෙල්ලා, මුළු පෙළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදා ගනිමුයයි කීවෝය.
- එවිට මනුෂ්‍ය පුත‍්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමීන්වහන්සේ බැස්ස සේක.
- ස්වාමීන්වහන්සේද: බලව, ඔව්හු එක සෙනඟක්ය, ඔවුන් සියල්ලන්ට ඇත්තේ එක භාෂාවක්ය; ඔවුන් කරන්ට පටන්ගන්නා දේ මේය; ඉදින් ඔවුන් කරන්ට අදහස්කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය.
- යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක.
- මෙසේ ස්වාමීන්වහන්සේ එතැනින් මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවු සේක.
- ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට *(අවුල්කිරීම) බාබෙල් නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝ තලයෙහි ඔවුන් විසිරෙවුසේක.
Other Sinhala pages
Tower of Babel in Indo-Aryan languages
Assamese,
Awadhi,
Bengali,
Caribbean Hindustani,
Fijian Hindi,
Gujarati,
Hindi,
Marathi,
Nepali,
Oriya,
Punjabi,
Sanskrit,
Sinhala,
Urdu
Other Tower of Babel translations
By language |
By language family
Learn Chinese Characters with the Omniglot Chinese app